එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරා ගෙන එකී දිස්ත්‍රික්ක සඳහා අදාළ විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ ව ය. මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, අදාළ ඉදිකිරීම් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විවෘත කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා,වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපතිනි මහාචාර්ය ජනිතා එන්.ලියනගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.