2020 වසරේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බදු සහන ලබා දීම පිළිබඳව විපක්ෂය දැඩි විවේචන එල්ල කළත් ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද 2020 වසරේ ජනවාරි සිට ඔක්තොම්බර් මාසය දක්වා ඇස්තමේන්තු කළ බදු
ආදායමෙන් 74%ක් එකතු කර ගැනීමට රජයට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2020 වසරේ අපහසුතා රැසක් මධ්‍යයේ රට භාර ගත්තද රජය නීතියෙන් පිට කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් රජය හිඟ බිල්පත් ගෙවීම සඳහා මුදල් ඉල්ලුවත් කුමන්ත්‍රණකාරී ලෙස
හැසිරෙමින් රජය අපහසුතාවයට පත් කිරීමට විපක්ෂය කටයුතු කළ බවද සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
පසුගිය රජය ආර්ථිකයට විශාල හානියක් සිදු කළා. මහා ණය කන්දක් සමග රට බාරගත්තද එම ණය ගෙවීමට නොහැකියැයි රජය කිසිවිටකත් නොපවසමින් හිඟ බිල්පත් ගෙවීම සඳහා කටයුතු කළා. රටට අවශ්‍ය වන්නේ තම හිතමිතුරන්ට පමණක් සහණ දෙන මුදල් අමාත්‍යවරයෙකු නොව සමස්ත රටේම ආර්ථිකය මෙහෙයවන මුදල් අමාත්‍යවරයෙකුයි. ලෝකයේ අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ වුවද ජනතාව අසහනයට පත් නොකිරීමට රජය කටයුතු කළා.
සුළු හා මධ්‍ය පරින්මාණ ව්‍යවසායකයා මෙරටේ කොඳු නාරටිය බව අවබෝධ කරගෙන මහ බැංකුව මැදිහත් වී මූල්‍ය සහණ ලබා දුන් බවත් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන් 303 දෙනෙකුට මහාභාණ්ඩාගාරය මැදිහත් වෙමින් බැංකු ණය ලබා දී ඔවුන්ගේ බිල්පත් නිරවුල් කිරීමට කටයුතු කළ බවද කීය.
රටේ ජනතාවට විශ්වාසයක් සහ රැකවරණයක් ජනතාවට ලැබුණා. පසුගිය රජයට උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු සඳහා පිළියම් ලබා දීමට නොහැකි වුවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු එම ප්‍රදේශ වලට ගොස් එම ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සොයා බලන බවද කීය. ලෝකයම රෝගාතුරු වී තිබෙන මොහොතක ලාභ දේශපාලන ප්‍රයෝජන තකා කටයුතු නොකරන ලෙසද අමාත්‍යවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.