ඒ සදහා පත්කළ ප්‍රධාන කමිටු 04 වනුයේ
01. සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
02. ජීවනෝපාය සංවර්ධන කමිටුව
03. දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව
04. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව
"සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව" සදහා කැබිනට් අමාත්‍යාංශ 03 ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 09 ක් සම්බන්ධ වේ.
කැබිනට් අමාත්‍යාංශ.
01. අධ්‍යාපන අමාත්‍යාංශය
02. සෞඛ්‍ය අමාත්‍යාංශය
03. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
රාජ්‍ය අමාත්‍යාංශ.
01. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
02. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
03. නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්‍යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
04. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
05. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය
06. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
07. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය
08. ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය.
09. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.
ඒ අනුව "සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව" ඊට අදාල කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ, නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2020.11.13 දින පෙ.ව.9.00 ට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදී රැස්විමට නියමිතය.
මෙහිදී ඒ ඒ අමාත්‍යාංශ වලට අයත් විෂය පථයන් ඔස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුකිරීමට නියමිත සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් ඉදිරිපත් කර එම කරුණු සාකච්ඡාවට ගැනීමට නියමිතය.
පත්කළ කමිටු 04 ම සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඉදිරි මාස කීපය තුළ රැස්වී ජනතාව වෙනුවෙන් ග්‍රාමීයව සංවර්ධනය විය යුතු විෂයයන් සාකච්ඡා කිරීමට නියමිතය. මේ හරහා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල අමාත්‍යවරුන් හා නිළධාරීන් ඒ ඒ පළාතේ ජනතාවගේ ප්‍රශ්ණ හා ගැටලු පිළිබද සොයා බලා ඒවා අවම කිරීම සදහා සුදුසු ක්‍රමවේදයන් සකස් කර අංශ ගණනාවක් ඔස්සේ අති විශාල සංවර්ධන වැඩ සටහන් රැසක් ඉදිරි වර්ෂ කීපය තුළ ක්‍රියාවට නැන්වීමට කටයුතු යොදා ඇත.