මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය උද්භිත උද්‍යානය, ශ්‍රී ලංකා පොලිසිය, යටිනුවර ප්‍රාදේශීය සභාව, මහවැලි සංවර්ධන අධිකාරීය ඇතුළු ආයතන ගණනාවක ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම ව්‍යාපෘතිය සදහා ශාරීරික යෝග්‍යතා මංතීරු, කාය වර්ධන මධ්‍යස්ථාන, නිදහස් භෝජනාගාරයක්, යුධ කෞතුකාගරයක් ගන්නෝරුව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසල හා සම්බන්ධවෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ක්ෂේත්‍ර චාරිකාව අතරතුරදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ජනතා මුදල් නිසි පරිදි කළමනාකරණය නොකිරීම මගින් ගන්නෝරුව ප්‍රදේශයේ මේ වන විට ඉදිකර ඇති ශාරීරික යෝග්‍යතා මංතීරු නිසි ප්‍රමිතියකින් නොපවතින බවත්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය නිසි ප්‍රමිතියට අනුව ඉදිකර ජන අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බවයි. ගන්නෝරුව ප්‍රදේශයේ සහ මහනුවර නගරයේ ජනතාවට නව අත්දැකීමක් ලබාගත හැකි පරිදි නව අංග ඇතුලත් කරමින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා පවසා සිටියේය.
පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහීශ්වර කිරිදිගොඩ, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්,ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් ආර්.ටී. ලොකුතොටහේවා යන මහත්වරුන්ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් ව සිටියේය.