රටේ පවතින කොරෝනා වසංගත තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවූයේ අඛණ්ඩව රෝහල් මඟින් සිදු කළ පී.සී.ආර් පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස බවත් අමාත්‍යවරිය පැහැදිළි කළාය.ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙරට අනුගමනය කළ කොරෝනා මර්දන ක්‍රමවේදය අගය කර ඇති බවත් ගුවන් තොටුපළේ සිට පී.සී.ආර් පර්යේෂණ සිදු කරන වෙනත් රටවල ඇත්තේ ඉතා අතළොස්සක් බවත් පැහැදිළි කළාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිට වූ බවත් තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තාක්ෂණි කමිටු මෙහෙයවමින් අදාළ කටයුතු සිදුකළ බවද පැහැදිළි කළාය