මෙම විශේෂ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බළකා විහිදුම් සාමාජිකයින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වූ අතර මෙම මෙහෙයුමේ දී පුද්ගලයින් 07 දෙනකු පමණ මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හුදෙකලා කරන ලද මෝදර වැනි ප්‍රදේශය තුළ දී මෙම පුද්ගලයින් විසින් සංචරණ සීමා උල්ලංඝණය කර ඇති හෙයින් ඉදිරියේ දී නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය වැළක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට
බලාපොරොත්තු වෙන බවත්, හුදෙකලා කරන ලද ප්‍රදේශ වල සිටින ජනතාව සෑම විටම තම නිවෙස් වලට වී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව, මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.