ඒ අනුව, මෙරට තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් මේ වන විට 48 දෙනකු මිය ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු යාචක පුද්ගලයෙකු වන අතර කොවිඩ්-19 වෛරසය වැළඳීම හේතුකොටගෙන මහ මඟ දී මිය ගොස් ඇත්තේ ඔහු පමණක් බවත්, එහෙත් රටේ විවිධ ප්‍රදේශ වල මහා මාර්ග වල කෝවිඩ් ආසාදිතයින් මිය යන බව පවසමින් විවිධ මාධ්‍ය ජාලා, සමාජ ජාලා මෙන්ම වෙබ් අඩවි තුළ පින්තූර ද සහිතව අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයට ලක් ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කොට ඇති බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
මීට පෙර අවස්ථාවල දී ත් මෙරට කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හා සම්බන්ධ විවීධ ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ, නිර්මාණය කළ පුද්ගලයින් 17 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතන වලට යම් ආකාරයක ද්වේශයක් ඇති කරවන අසත්‍ය පුවත් සමාජ ජාලා, වෙබ් අඩවි තුලින් බෙදාහැරීමෙන් හෝ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත් ඒ මහතා මෙහි දී ජනතාවට අවධාරණය කර සිටී.
ඒ අනුව, මෙවැනි සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන් පිළිබඳව විමර්ශනයක් සිදු කොට ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.