කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යවරයා විසින් මෙම වැඩසටහන සඳහා ප්‍රතිපාදන දායකත්වය සපයන අතර මතුගම අධ්‍යාපන කලාපයේ මූලිකත්වයෙන් හෙළ සුවය සංගමයේ ද දායකත්වය සහිතව වැඩසටහන ක්‍රියාත්මක වේ. වැඩසටහනේ පළමු අදියර යටතේ කලාපයේ ගොවි මහත්ම මහත්මීන් එකසිය තිස් තුන්දෙනෙකු වෙත ප්රතිලාභ හිමිවේ.
ඒ අනුව වසවිසෙන් තොර ගොවිතැන වෙනුවෙන් බිත්තර වී කිලෝ පහ බැගින් ගොවි මහත්ම මහත්මීන් වෙත බෙදා දීම මෙදින සිදුවිය.
ඊට අමතරව ගොවිතැන් සශ්‍රීක කිරීමට අවශ්‍ය ක්ශ්රද්ර ජීවී ක්‍රියාකාරීත්වය වර්ධන කරන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සැකසූ ඖෂධක් ද බෙදා දීම සිදුවිය. කෘෂිකාර්මික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ මෙම වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක වනු ඇත.
එම ප්‍රදේශයේ දුවාදරුවන් වෙත දේශීය ගොවිතැන පිළිබඳ අවබෝධයක් ලබාදීම ද මීට සමගාමීව සිදුවෙයි. ඊට අමතරව කෘෂිකාර්මික ප්‍රදේශවල ඇති පාසල් සතු මඩ ඉඩම් දේශීය ගොවිතැන ඔස්සේ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද අනාගතයේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය සම්පන්නවත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ දීර්ඝ කාලීන සැලසුම් පෙර දැරිව මෙම සියළු වැඩසටහන් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා පැවසුවේය. මෙම අවස්ථාවට මතුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ලාල් දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, විදුහල්පතිවරුන්, මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය