අඳුර දුරලමින් ආලෝකය උදාකරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් මාගේ සුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වයි. එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේ නම් එය මිනිස් ජීවිත සමෘද්ධිමත් කරයි.
දීපවාලි උත්සවය ලෙසින් හඳුන්වන්නේ කරුණාවේ පහන හෙවත් අධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා දිනයයි. ජාතික සමඟියට මෙය විශිෂ්ට දිනයකි. සෑම ආගමකම පහන් දැල්වීමෙන් සංකේතවත් කරන්නේ මෝහය සහ නොදැනුවත්කම නමැති අඳුර දුරුකර ප්‍රඥාව නමැති ආලෝකය විහිදුවාලීමයි.
දීපවාලි උත්සවයත්, අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි ආලෝකයත් ප්‍රජාවන් අතර සමඟිය හා සහජීවනය ඇති කරීමට අවස්ථාව සලසා දෙනවා ඇත. අපගේ ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපවාලි දිනය සමරමු.
අද අප දේශය “රට ගොඩනගන සෞභාග්‍යයේ දැක්ම” යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ආලෝකය පිරි සංවර්ධන මාවතක ගමන ආරම්භ කර ඇත. ජනතාවට සියලු සමෘද්ධිය ලබා දෙන වඩා හොඳ අනාගතයක ආරම්භයක් ලෙස උදාවූ මෙම දීපවාලි උත්සවය ශ්‍රී ලාංකික හින්දු ජනතාවට සුබ දීපවාලි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග‍්‍රාමාත්‍ය