මේ පිළිබඳව අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මඟින් විමර්ශන ආරම්භ කළ බව ඊයේ දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ය.
අත්අඩංගුවට පත් තැනැත්තා, කඩුගන්නව ප්‍රදේශයේ පදිංචි 35 වියැති පිරිමි පුද්ගලයෙකි. මෙම තැනැත්තා සම්බන්ධයෙන් නිරෝධායන නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අතර අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාසකවරයා කියා සිටියේ ය.
මෙවැනි නිරෝධායන නීතිය කඩ වෙන අසත්‍ය පුවත් තම සමාජ මාධ්‍ය පිටි ඔස්සේ,වයිබර්,වට්ස් ඇප් ඔස්සේ නැවත ප්‍රචාරය කිරීම, හුවමාරු කිරීම සිදු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය