මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට දිස්ත්‍රික් 306 B 2 සිංහ සමාජයෙන් රුපියල් මිලියන 3.5 පරිත්‍යාගයක්.

    නොවැම්බර් 15, 2020

    මෙරට කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මෙන්ම දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.

    ඒ අනුව මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා තව තවත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව (14) දින දිස්ත්‍රික් 306 B 2 සිංහ සමාජය මගින් පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල (PPE KITS) 1350 සහ රෙදි සෝදන යන්ත්‍ර 25 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී. මෙම පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල වල හා රෙදි සෝදන යන්ත්‍ර වල වටිනාකම රුපියල් ලක්ෂ 35 ක් පමන වේ.

     

    දිස්ත්‍රික් 306 B 2 සිංහ සමාජයේ දිස්ත්‍රික් ලේකම් සිංහ අනුර දිසානායක , ජේෂ්ඨ සම්භන්දීකාරක සිංහ ජෙරාට් කල්දේරා යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා වෙත භාර දෙන ලදී.

     

    දැනට කොවිඩ් ප්‍රතිකාර සිදුකරන රොහල් වල කාර්ය මණ්ඩයේ ප්‍රයෝජනය සදහා මෙම පුද්ගල ආරක්ෂිත ඇදුම් කට්ටල වල හා රෙදි සෝදන යන්ත්‍ර ලබා දීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඒස්. ශ්‍රීධරන් මහතා දිස්ත්‍රික් 306 B 2 සිංහ සමාජය නියෝජනය
    කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya