ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රධාන විෂයන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිෂ්පාදනය කළ නව පාඩම් මාලා පෙළක් පහත පරිදි රූපවාහිනී නාලිකා 3 ක විකාශය වීමට නියමිතය.
? Channel EYE/නේත්‍රා TV
- 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
- සිංහල සහ දමිළ මාධ්‍ය
- දිනකට පැය 16 ක්
? ART TV
- 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
- ඉංග්‍රීසි මාධ්‍යයෙන්
- දිනකට පැය 4 ක්
? අද දෙරණ 24
- O/L පුනරීක්ෂණ (Revision)
මෙම රූපවාහිනී පාඩම් මාලා එළැඹෙන නොවැම්බර් 16 සඳුදා උදෑසන 4 සිට විකාශය ඇරඹෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට අදාළ කාල සටහනක්ද නිකුත් කිරීමට නියමිතය.
මේ අතර මෙම පාඩම් මාලා සඳහා රූපවාහිනී නාලිකා ඔස්සේ සම්බන්ධ වීමට අපහසු සිසුන්ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේද මෙම පාඩම් මාලා ගෙන ඒමට නියමිත අතර පාඩම් මාලා අධ්‍යයනයේදී ඇතිවන ගැටළු ගුරු මණ්ඩලයක් වෙත යොමු කිරීමට 1377 යන විශේෂ දුරකථන අංකයද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත....