මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    ජනපති, අගමැති, රටවැසි සැමට සෙත් පතා මහා සෙත් පිරිත් සජ්ජායනයක් මිරිසවැටිය පුද බිමේ දී ....

    නොවැම්බර් 15, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත්  සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී (14) පස්වරුවේ පැවැත්විණ.

    රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණ පා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපතිතුමා ධූරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය නිමිති  කොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කෙරිණ.

    සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ උපදෙස් මත, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී  පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ පිංකමට දිවයිනේ  නන්දෙසින් වැඩම කළ පන්සිය නමක් මහා සංඝරත්නය සහභාගී වූහ.

    මිරිසවැටිය පුදබිමේ බුද්ධ මන්දිරයේ බුද්ධ පූජාව තැන්පත් කිරීමෙන් පූණ්‍ය කර්මය ආරම්භ විය.

    ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළදවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහා සංඝරත්නය ස්තෝත්‍ර කියවීම සිදු කළහ. මිරිසවැටිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භයේ තැන්පත් කර ඇති ජයකොන්තයට පහන් දැල්වීම ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් කරනු ලැබීය.

    ජනාධිපතිතුමා දැහැත් වට්ටිය පිළිගන්වා මහා සංඝරත්නයට සෙත් පිරිත් සජ්ජායනාවට ආරාධනා කළේය. සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව මල්වතු, අස්ගිරි අනුනායක හිමිපාණන් වහන්සේ අටමස්ථානාධිපති නාහිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට තිළිණ
    පිළිගැන්වූහ.

    ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයට පිරිකර පුජා කළ අතර, ජාතික, ආගමික සහ සාමාජයිය මෙහෙවර උදෙසා මහා සංඝරත්නය වෙනුවෙන් උපහාර තිළිණ පිළි ගැන්වීම සිදු  කෙරිණ.

    මැති ඇමතිවරු, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක්  මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     pmm

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya