මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ විල්ගමුව ප්‍රදේශයේ වැව් සහ අමුණු කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

    නොවැම්බර් 16, 2020

    මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා විල්ගමුව ප්‍රදේශයේ සිදු කළ සංචාරයේ දී , ප්‍රදේශයේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන බවට ජනතාව හමුවේ දුන් ප්‍රතිඥාව යතාර්ථයක් බවට පත්කරමින් වැව් සහ අමුණු කිහිපයක් පිළිසකර කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒහිදී ආරම්භ කෙරිණි.

    ඒ අනුව විල්ගමුව , කබරිකමඩ අමුණ, පුසුබා අමුණ, තෝරපිටිය වැව , සෝනුත්තර වැව, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ ය. මෙම වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් ගේ පූර්ණ ශ්‍රම දායකත්වය ලැබී තිබේ.


    " වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා කියා සිටියේ 2025 වන විට දිවයින පුරා වැව් 5000 ක්, ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති බවයි.
    වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ "වාරි සෞභාග්‍යයා "වැඩසටහන මඟින් මෙම වැව් ප්‍රතිසංස්කරණය සිදුකෙරෙන බවත් , එයින් අන් කවරදාකටත් වඩා , ගොවි ජනතාව ගේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය ජල සම්පාදනය කළමනාකරණය කෙරෙන බවත් පෙන්වා දුන්නේ ය."


    මෙම සංචාරය සඳහා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය රෝහණ දිසානායක, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නාලක කෝට්ටෙගොඩ, විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී තෙන්නකෝන් යන මහත්වරු සහ මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ඩබ්ලිව් බී පළුගස්වැව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් එස් පෙරේරා, මහවැලි E කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු ගාමිණී ගුණවර්ධන මහත්වරු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya