අමාත්‍යයවරයා මේ බව කියා සිටියේ අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී Zoom ඔස්සේ පැවත් වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
කොවිඩ් වසංගතයෙන් මෙරට මුදවා ගැනීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටිපි එකට ඒකරාශී වී සිදු කළ යුතු බවත්, එහෙත් එය ප්‍රයෝගිකව කළ නොහැකි බවත්, එලෙස තොරතුරු ජනතාවගෙන් සඟවා තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එලෙස වැරදි තොරතුරු ලබා දීමේ හැකියාවක් ද නොමැති බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් සඳහන් කළේය.
විවිධ පුද්ගලයින් තම තමන්ගේ දේශපාලන මතවාද මත විවිධ පුවත් පුවත්පත් වල පල කරනු ලබන බවත්, එහෙත් රජයකට එකී පුද්ගලයින්ගේ දේශපාලන මතවාද වලට පිළිතුරු ලබා දෙනු වෙනුවට කොවිඩ් වසංගතය පාලනය කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම මෙම රජයේ වගකීම බවත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කළේය.