රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,කොයිඩ්19 රෝගය හඳුනා ගැනීමේ ක්‍රමවේදය යටතේ ලෝකය පිළි ගනු ලබන්නේ PCR පරීක්ෂණය බවත්,එය අතපසු කිරීමට රජය කිසිදු සුදානමක් නැති බවද ඇමතිවරයා කීය.
දැනට රජයට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලැබී ඇති ඇපිඩ් ඇනිටිජන් පරික්ෂණ කට්ටල රෝහල් වෙත ලබා දුන්නදනරන්තරයෙන් PCR පරික්ෂණ සිදු කෙරෙන බවත් සඳහන් කළේය. ඒ යටතේ,ඊයේ (16) දිනය වන විට PCR පරික්ෂණ 6,80,843 ක් සිදු කර ඇති බවත්,ඊයේ දිනයේ දී(16) පමණක් PCR පරික්ෂණ 8743 ක් හා ඊට පෙර දින නම් නොවැම්බර් 15 වන දින PCR පරික්ෂණ 10,713 සිදු කළ බව කීය.
මෙය ඉතා ඉහළ මට්ටමක් බවත්,එසේම ලෝකයේ ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් හා විවිධ නව එන්නත් හා රෝගය පාලනය කිරිම සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරී ව තම රජය සිටින
බව ඇමති රමේෂ පතිරණ මහතා පැවසීය. එසේම කොවිඩ්19 වසංගතය ඉක්මනින් අවසන් කිරිමට හොඳ කළමනාකරණයක් හා එයින් රට මුදාගැනීමට ශක්තියක් ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කීය.