මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    රාමඤ්ඤ නිකායේ මහනාහිමියෝ අපවත් වෙති

    නොවැම්බර් 18, 2020

    මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියෝ අපවත් වෙති.

    උණ්වහන්සේ අපවත් වන විට 98 වන වියෙහි පසුවූහ. උන් වහන්සේ අපවත් වන අවස්ථව දක්වාම, උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙගුණු සංඝ පීතෲවරයකු වෙයි. බුද්ධ දේශනාව සදාතනික අනුශාසනාවක් බව ගිහි පැවිදි සැමගේ ගෞරවයට පත් නාපාන පේමසිරි නාහිමියන්ගේ පැවිදි දිවියෙන් මනාව පිළිබිඹුවේ. නාපානේ පේමසිරි නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා තම දිවිය කැපකළ සම්භාවනීය බුද්ධ පුත්‍රයෙකි. සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේගේ ශ්‍රමණ ආකල්ප සම්පත්තියත්, ව්‍යක්ත, විශාරද හා විනීතභාවයත් ගම්භීර වූ පාණ්ඩිත්‍යයත්, සුපේශල ශික්‍ෂාකාමී පැවැත්මත් හේතුකොටගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දහතුන් වෙනි මහානායක පදවියට නිතරගයෙන් ම පත්වූහ.

     

    මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර උඩගම්පහ කෝරළයේ උඩගම්පහ නාපාන ගමේ විසූ ප්‍රභූ පවුලක් වූ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරිබණ්ඩාර නිලමේතුමා හා නියංගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ යුවලට දාව 1923 ජනවාරි මස 20 වන දින සිය පවුලේ හත්වන දරුවා ලෙසින් උපන් පිරිමි දරුවාට ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර ලෙස නම් තැබිණි.

    අතිශයින්ම දුර්ලභ සම්පතක් වූ පැවිදි දිවිය ලැබිය හැක්කේ සසර ගමනේ දි බෙහෙවින් පින්කළ පින්වතෙකුට පමණි. පූර්ව භවයෙහි පින්කර තිබූ ටිකිරි බණ්ඩාරයන් 1933 ජූලි මස 08 වෙනිදා හුරිකඩුව උදුම්බරාරාමයේ දී නාපාන පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya