අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද විවාදය ආරම්භ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේ, ඉපැයූ ආකාරය හෙළිදරව් නොකළ දේශීයව හෝ විදේශීයව සඟවා තබාගෙන ඇති මුදල් මුදල් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් රටට ඉදිරිපත් කරමින් , ආයෝජනයක් හෝ කිනම් අකාරයක හෝ සංවර්ධන යෝජනා ක්‍රමයකට එළඹෙමින් රටේ අභිවෘද්ධියට දායක වන ලෙසත් ඒ සඳහා සියයට 1ක බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වශයෙන් රට පාලනය කරන සමයේ 30 වසරක පැවති යුද්ධය, සුනාමි ව්‍යවසනය වැනි විවිධ අර්බුදයන්ට රට මුහුණ දෙමින් අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද මෙවැනි ආර්ථික අගාධයකට රට මුහුණ නොදුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයාපසුගිය යහපාලන රජය සමයේ පාර්ලිමේන්තුව නොමග යවමින් විකෘති කළ සංඛ්‍යාලේඛන ඉදිරිපත්කරමින් එම රජය පාර්ලිමනේතුව ඇතුළු ජනතාව නොමග යැවූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජය බලයට පත්වන විට රටේ ආර්ථිකය ඇතුළු ජාතික ආරක්ෂව සියල්ල විනාශ වී තිබූ බවත් සෑම තැනකම දැක ගත හැකි වූයේ ණය හෝ ලීසිං වාරික ගෙවා ගත නොහැකිව බද්දට හෝ කුලියට පුවරු පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී පළමුව සහණ පැකේජයක් ලබා දුන් බව පෙන්වා දුන්නේය. ණය සහන, බදු සහණ, පොළී අනුපාතය තනි ඉලක්කමක් දක්වා අඩු කිරීම මෙන්ම 160,000ක්රජයේ රැකියා ලබා දීම සහ ආනයන සීමා කරමින් මිනිසුන්ගේ පැත්තේ ගත් එකම රජය මෙම රජය බව අමාත්‍යවරයා තම විවාද කතාවේදී සඳහන් කළේය.
මෙම අයවැය ලේඛනයෙන් මගින් එම සහන තවදුරටත් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා කීය