මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වෛරසයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාවට KN95 මුව ආවරණ පරිත්‍යාගයක්

    නොවැම්බර් 19, 2020

    කොවිඩ් වෛරසයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාවට මෙරට පෞද්ගලික ආයතනයකින් රුපියල් මිලියන 02 ක් වටිනා KN95 මුව ආවරණ පරිත්‍යාගයක්.

    කොවිඩ් -19 වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා අවධානම ද නොතකා සෞඛ්‍ය සේවාවන් සපයනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සදහා රුපියල් මිලියන 02 ක් 

    පමණ වටිනා KN95/ FFP2 වර්ගයේ ආරක්ෂිත මුව ආවරණ තොඟයක් ලබාදීමට මෙරට පෞද්ගලික සමාගමක් වන "Lucky Industry" කර්මාන්ත ආයතනය (18) දින කටයුතු කරන ලදි.

    මෙම ආරක්ෂිත මුව ආවරණ පරිත්‍යාගය සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත Lucky Industry කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ A.A.M Illiyas මහතා විසින්
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, Lucky Industry කර්මාන්ත
    ආයතනයේ විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ Siddique Illiyas Admani මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya