මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    දේශීයත්වයට මුල්තැන ලැබුණු ජනතාවාදී අයවැයක් - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    නොවැම්බර් 19, 2020

    අග්‍රාමාත්‍යතුමා විසින් 2021 වර්ෂය සදහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය දේශියත්වයට මුල්තැන දෙමින් ජනතාවාදී අයවැයක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව 2021 – 2023 මැදිකාලින ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කිරිමට මෙම අයවැය ඉදිරිපත් කර තියෙනවා. මම දකින්නේ මෙම අයවැය ගෝලීය වසංගතය තුල අභියෝගයන්ට මුහුණ දී තිබෙන ලෝක ආර්ථිකය තුල දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමත් සංවර්ධනය කිරීමත් කල හැකි හොදම උපායමාර්ගික අයවැයක් විදිහටයි.

     

    මෙම ගෝලිය වසංගතය පැතිරීමට ප්‍රථම අප සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ රටට ඉදිරිපත් කලේ. සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික පදනම තමයි දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිම. එනම් ආනයනයන් සීමා කර අපනයනයන් වර්ධනය කර දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. හුදෙක් ආනයනය මත රදා පවතින වෙළෙද ආර්ථියක් වෙනුවට ගොවි නිෂ්පාදන  හා කෘෂිකාර්මීකරණය කිරිමයි අපේ දැක්ම. ඒ කියන්නෙ කෘෂිකර්මන්තයට කාර්මීකරණය එක් කිරීම (agro industrialization). එම නිසා එයට අවශ්‍ය කරන අයවැයක් මෙවර අග්‍රාමාත්‍යතුමා  ඉදිරිපත් කර තියෙන්නේ. ලෝකයේ සෑම රටක්ම මේ ගෝලිය වසංගතය නිසා උත්සහ කරන්නේ තම දේශීය ආර්ථිකය ආරක්ෂා කරගැනීමටයි. ඒ අතින් බලන කලද අපේ අයවැය ලෝකයේ  වෙනත් රටවල් සමග සංසන්දය කරන විට ඉතා හොද අයවැයක්. තාක්ෂණය ගමට ගෙනගොස් සෑම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ වන පරිදි නිෂ්පාදන හා සැපයුම් ක්‍රියාවලියකට යොමු කිරිමඨ  ප්‍රමුඛත්වය ලබා දෙන ජනතාවදී අයවැයක්.

     

    ඒ වගේමයි බදු, වැට් බද්ධ 8%ක ප්‍රමාණයට අපේ ජනාධිපතිතුමා අඩුකලා. එය එලෙසින්ම ජනතාවට බරක් නොවන ලෙස වැඩි නොකොට පවත්වාගෙන යනවා. ඒ වගේමයි තාක්ෂණය ගමට  ගෙනයාමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා තියෙනකොට අපිත් තාක්ෂණයයෙන් ඉහලට ආ යුතුයි. ඒ වගේමයි යටිතල පහසුකම් සංවර්ධනය සදහා  වැඩි බරක් දීලා තියෙනවා. තාක්ෂණය, කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා අංශ සාම්ප්‍රදායිකත්වයෙන් නොව තාක්ෂණික වශයෙන් ප්‍රමුඛත්වය ලබා දෙමින් දේශීය ආර්ථිකය නංවාලීම සදහා  සකස් වූ අයවැයක් බව කියන්න කැමතියි. විශේෂයෙන්ම පානීය ජලය, වාරිමාර්ග, මාර්ග, විදුලිය, බැංකු හා මුදල් සංවර්ධන කටයුතු වලට මේ අයවැයෙන් ජනතාවාදී යෝජනා ඉදිරිපත් කර  තිබෙනවා. ස්වයං රැකියා, පාරම්පරික කර්මාන්ත කරුවන්, ගොවීන්, ධීවරයන්ව රැකගැනීමට සහන රාශියක් ලබා දීම හා ඔවුන් දේශීය ආර්ථිකයේ ප්‍රබල කොටස්කරුවන් බවට පත් කරමින් මෙම  අයවැය ඉදිරිපත් කර තිබෙනවා.ග්‍රාමීය ආර්ථිකයට පණ පොවපු සාර්ථක අයවැයක්. තවද යහපාලන ආණ්ඩුව විසින් ඇෆ්ගනිස්ථානය වඩා පහල මට්ටමක ඇද දමා තිබූ ආර්ථික වර්ධන වේගය  ඉදිරි වසර තුල 6%ක ආර්ථික වර්ධන වේගයක් දක්වා ගමන් මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා ''යැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya