සමස්ත භූගත ජල ප්‍රමාණය කොපමන ද සහ දැනට භාවිතයට ගන්නා භූගත ජල ප්‍රමාණය සමීක්ෂණයක් කරන ලෙසත් 2024 දී ශ්‍රී ලංකාවේ භූගත ජලය සංරක්ෂණය කිරීමට වැඩසටහනක් සැලසුම් කරන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතිගරු ජනාධිපතිතුමාගෙන් කල ඉල්ලීමකට අනුව ජල සම්පත් මණ්ඩලය ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් ලෙස නම් කිරීමෙන් පසු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති පළමු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යතුමා මේ බව සඳහන් කලේය.
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, අතිරේක ලේකම් පාලිත වීරසිංහ, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ජේ.ඩි. සමරසිංහ, සාමාන්‍යධිකාරී ජි.ආර්.ආර්. කරුනාරත්න යන මහත්වරු ඇතුලු නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා.....
මහා පරිමානයෙන් වානිජමය ව්‍යාපාර සඳහා භූගත ජලය ලබා ගැනීම පිළිබඳ නියාමනයක් හදුන්වා දීමට සහ එම ව්‍යාපාර සඳහා භූගත ජලය ලබා ගැනිමේදී දැනට භාවිත කරන ජල මිටර් වෙනුවට ඩිජිටර් මිටර් සවිකිරීම තුලින් නිවැරදි දත්ත සටහන් ලබා ගැනීමට හැකිවනවා. විශේෂයෙන් භූගත ජලය පාවිච්චි කිරීමෙන් අනතුරුව නැවත ජලය භූගත ආරෝපනය කිරීමට වැඩපිළිවෙලක් සැකසිය යුතු වනවා.
අනවසරයෙන් නල ළිං ගහන ආයතන පිළිබඳව සහ ඒවාට අනුබල දෙන පිරිස් නිතිමය පියවර ගැනීමට ජල සම්පත් මණ්ඩල පනත හා වර්තමාන අවශ්‍යතාවය අනුව නීති රෙගුලාසි සංශෝධනය කර ගැනීම කල
යුතුයි. මණ්ඩලයේ දිගු කාලීන සහ කෙටි කාලීන අරමුණු ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති යෝජනා සකස් කොට පවතින රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම කල යුතුය. නව තාක්ෂණික ක්‍රම වේදයන් භාවිතා කරමින් ලංකාවේ සමස්ත භූගත ජල ප්‍රමාණයන් සෙවීම සහ භූගත ජලය පවතින භූමි මට්ටම සොයා ගැනීම මගින් යම් අකාරයකින් කොතනක හෝ ජලය ඉවත් කර ගන්නවා නම් එය සන්නිවේදනය වන ක්‍රමයක් සැදීම පිලිබදවද අමාත්‍යතුමා සදහන් කරන ලදි.
ජල සම්පත් පණ්ඩලය මගින් රුපියල් මිලියන 29 ක අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ වාරිමාර්ග ව්‍යාපෘති ආශ්‍රිතව මල්වතු ඔය හා යාන් ඔය ප්‍රදේශ ආවරණය වන භූගත ජල සම්පත් අධ්‍යයනය, යාපනය අර්ධද්වීපයේ භූගත ජල අධ්‍යයනය, මාතර දිස්ත්‍රික් නල ළිං ව්‍යාපෘතිය, මොණරාගල දිස්ත්‍රික් නල ළිං ව්‍යාපෘති සිදු කරනු ලබන පර්යේෂණ අධ්‍යයන් වන අතර යෝජිත ව්‍යාපෘති ලෙස මහවැලි "එල්" කලාපයේ කෘෂි ළිං 1000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ කෘෂි ළිං 200ක් ඉදිකිරීමට නියමිතව ඇත.
රුපියල් මිලියන 8 ක මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ භූගත ජලයට අදාල වඩාත් සංවේදී ප්‍රදේශවල ජලයේ රසායනික දත්තයන් සහ භූගත ජල මට්ටම් විචලනය පිළිබඳ දත්ත එක්රැස් කොට විශ්ලේෂණය කිරීම හා කාළගුණික විපර්යාස හේතුකොටගෙන වෙරළබඩ ජල ධරවලට ඇතිවිය හැකි ලවණතාවය අධික වීම හඳුනාගනීම පිණිස සිදු කරන අධ්‍යයනය සිදු කරනු ලබයි. රුපියල් මිලියන 4100 ක විදේශ ආධාර මගින් මල්වතු ඔය, මාදුරු ඔය හා කුඹුක්කන් ඔය ගංගා ආශ්‍රිතව ස්වයංක්‍රීය ජල විමංසන ජාලයක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතයි.