ලංකාවේ සෑම පශු වෛද්‍ය කොට්ඨාශයකම ගොවි සංවිධානය බැගින් ආරම්භ කරමින්, එම ගොවි සංවිධාන වල තීරණය හා මග පෙන්වීම මත දියර කිරි නිෂ්පාදනයෙ හි නියැලී සිටින ගොවියන්, නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් හදුනාගෙන ඔවුන් වෙත පහසුකම් ලබා දීමටත්, එමගින් රටේ අවශ්‍යතාවයක්ව පවතින දියර කිරි නිෂ්පාදන සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, පේරදෙණියේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවට අයත් මධ්‍යම පලාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.
මෙහිදී තවදුරටත් අමාත්‍යවරයා පවසා සිටියේ, සියලු කිරි ගොවි සංවිධාන වල එකමුතුවෙන් කිරි ගොවි සම්මේලනයක් ඇති කරමින් දියර කිරි වල හා සත්ව ආහාර වල මිල ඔවුන් මගින් තීරණය කරන බවත්,වර්තමානය වන විට දියර කිරි නිෂ්පාදනයෙන් මධ්‍යම පලාතේ ගොවියන් පෙරමුණේ සිටීම ගැන තමන් සතුටු වන බවත්,එය තව දුරටත් දියුණු කර ගැනීම සදහාඅවශ්‍ය යටිතල පහසුකම් හා උපකරණ ලබා දීමට පියවර ගන්නා අතරම තෘණ වැවීම සදහා ඉඩම් ලබා දීමටත් පියවර ගන්නා බවයි.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.සේනානායක, අතිරේක ලේකම්(පශු සම්පත්) වෛද්‍ය නිරෝෂන් ගමගේ,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධක්ෂ ජෙනරාල් වෛද්‍ය රංජනී, මධ්‍යම පලාත් අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් සහ පළාතේ කිරි ගොවි ව්‍යවසායකයින් පිරිසක් ද සහභාගී වූහ.