මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික නැහැ - ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටිනවා- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    නොවැම්බර් 19, 2020

    කොවිඩ්-19 පාලනය කිරීමේ කාර්යය සාධක බළකාය විසින් නියෝග කරන ආකාරයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම සිදු කළ හැකි බවත්, දැනට උද්ගතව ඇති තත්ත්වය මත විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වීම ප්‍රායෝගික හැකියාවක් නොමැති බවත්, එහෙත් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) අයවැය දෙවන වර කියවීමේ
    පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් විපක්ෂය විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් කියා සිටියේය.

    විදේශ ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ කොවිඩ් පාලනය කිරීම පිලිබඳ කාර්යය සාධක බළකාය, විදේශ කටයුතු අමාත්‍යංශය හා එකතුවීමෙනි. ඒ අනුව, කාර්යය සාධක බළකාය විසින් සඳහන් කරන පරිදි මෙරටට ශ්‍රමිකයින් ගෙන්විමේ ධාරිතාවය පිලිබඳව සළකා බලා ඒ අනුව සඳහන් කරන ලද ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සිදු කරමින් සිටින බවත්, එහෙත් කොවිඩ් 19 හේතුවෙන් විදෙස් රටවල පනවා ඇති නිරෝධායනය හා සම්බන්ධ මඟ පෙන්වීම්, සීමා කිරීම් වලට ද යටත් ව කටයුතු කිරීමට සිදු ව ඇති බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, කාර්යය සාධක බළකායේ කාර්යය වන්නේ මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් අනිවාර්යයයෙන් නිරෝධායනයට ලක් කිරීම බවත්, ඒ අනුව මෙරටට හැකි
    විගස පිරිස් ගෙන්වීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ගුවන් ටිකට් පත් පිළිබඳව ද ගැටළුවක් නොමැති බවත් ඒ සියල්ල කාර්යාංශය මඟින් සිදු කරන බවත් පැවසූ ඒ මහතා, ගැටලුව ඇත්තේ ඔවුන් මෙරටට ගෙන්වීම නොව මේ වන විට දෙවන කොවිඩ් රැල්ලත් සමඟ මෙරට තුළින් ද  ආසාදිතයින් හමුවීම නිසා ඔවුන් ද නිරෝධායනයට ලක් කරමින් සිටින විටෙක විදෙස් ශ්‍රමිකයින් ද මෙරටට ගෙන්වීමෙන් නිරෝධායනයට ඇති ඉඩ පහසුකම් වල ගැටළුවක් බවත් ඒ මහතා මෙහි දී විශේෂයෙන් සඳහන් කර සිටියේය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya