මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

    නොවැම්බර් 19, 2020

    කොරෝනා කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව (18 ) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

    රට තුල පවතින කොවිඩ් තත්ත්වය මත බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන, කූලී නිවාස, පාසල්, ආයෝජන ප්‍රවර්ධන කළාප (BOI) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු සිදු කරනවා ද යන්න නිරීක්ෂණයට ලක් කිරීම සෞඛ්‍ය අංශය සතු වගකීමක් බැවින් සෞඛ්‍ය නිලධාරීයෙකු මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වනවා ද යන්න අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක්විය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දෙන ලදි.

    එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව වැඩි කිරීම, හදිසි ප්‍රතිකාර සේවාවේ ඇදන් වැඩි කිරීමට කටයුතු කිරීම, රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

    සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබද පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රවාහන, නවාතැන්, ඇතුලු යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමිය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, සිසිර ජයකොඩි මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya