එම ප්‍රතිපත්තිය ඉදිරි වසර 05 තුළදීම ක්‍රියාත්මක කරන බැවින් විශ්වාසයෙන් යුතුව ආයෝජන කෙරෙහි යොමු වන ලෙසත් ඒ ඒ ක්ෂේත්‍ර වෙන් වෙන්ව ගනිමින් අවශ්‍ය සහන ලබා දීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටිම විශේෂත්වයකි.
විපක්ෂය මෙන් සීත කාමර වල සිට නොව, ගම් වලට ගොස් මිනිසුන්ගේ අදහස් ගෙන මෙම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එදා සකස් කළ බවද කීය.
මෙරටේ ආර්ථිකයට , ජනජීවිතයට යහපාලන රජය විශාල විනාශයක් කළ බවද රජය බලයට පත් වන විට බදු ගෙවීමට හෝ හැකියාවක් ජනතාවට නොතිබූ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා 2015 සිට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු පැහැදිළි වැඩපිළිවෙළක් පසුගිය රජයට නොතිබූ බවද කීය.
පසුගිය රජයේ බදු ප්‍රතිපත්ති සකස් වූයේ මෙරට ජනතාවෙගේ අවශ්‍යතා අනුව නොවන බවත් ගානා රජයේ බදු ප්‍රතිපත්තිය මෙරට ක්‍රියාත්මක කළබවත් කී අමාත්‍යවරයා, එහෙත් වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ දේශීයත්වය මත පදනම් වූ බදු ප්‍රතිපත්තියක් බව අවධාරණය කළේය.
හිටපු මුදල් අමාත්‍යවරයා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත් රජය එය නිවැරදි කළ බවත් පැවසූ ශෙහාන් සේමසිංහ මහතා මෙම අයවැය ග්‍රාමීය ආර්ථිකයක් ගොඩ නැංවීම වෙනුවෙන් වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කර ඇති බව පෙන්වා දුන්නේය.
රටේ යටිතල පහසුකම් දියුණු කරන අතරම ජනතාවගේ ආර්ථිකය ගොඩ නැගීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.