මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    සංඥා පුවරු අසල සිටින යාචකයින් හට මුදල් දීම හෝ ඔවුන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීමෙන් වළකින්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    නොවැම්බර් 19, 2020

    කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල සංඥා පුවරු ආශ්‍රිත ව යාචකයින් පිළිබඳ මෙහෙයුම අද දිනයේ සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.


    සංඥා පුවරු අසල සිටින බොහෝ යාචකයින් සැබෑ යාචකයින් නොවන අතර ඔවුන් ව්‍යාජ ලෙස ව්‍යාපාර කිරීමේ අරමුණින් මෙම වෘත්තියේ යෙදෙමින් සංඥා පුවරු අසල යම් යම් අවහිරතා සිදු කරන බවට බුද්ධි අංශ මඟින් හඳුනාගෙන ඇති බවත්, එමනිසා එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටී.

    යම් පුද්ගලයෙකු වාහනයක සිට රියදුරෙක් හෝ එම වහනය තුළ සිටින වෙනත් අයෙකු මාර්ගයේ සිටින අයෙකු හට මුදල් ලබා දෙන්නේ නම් හෝ ඔවුන් විසින් සංඥා පුවරු අසල සිටින පුද්ගලයින්ගෙන් මිල දී ගැනීමක් සිදු කරන්නේ නම් ප්‍රධාන මාර්ගයක් අවහිර වන සේ කටයුතු කිරීම වරදක් වන අතර ඔවුන්ට එරෙහිව ජාතික මංමාවත් පනත යටතේ සහ මෝටර් වාහන පනත යටතේ නඩු පැවරීමට පියවර ගැනීමට රථවාහන පොලිස් නිළධාරීන්ට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටී.

    ඒ අනුව, කිසිඳු අවස්ථාවක සංඥා පුවරු අසල දී වාහනයේ විදුරු විවෘත කර ඒ අසල සිටින අයවලුන් හට මුදල් දීම හි ඔවුන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීමෙන් වළකින්නැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya