මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    සබරගමු විශ්වවිද්‍යාල හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්

    නොවැම්බර් 20, 2020

    “සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් නිපුණත්වයෙන් පරිපූර්ණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ රජය අරමුණ ඵලදායී කර ගැනීම වෙනුවෙන් නව වෘත්තීය විෂයමාලා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් ආරම්භ කිරීම අද ප්‍රමුඛ අවශ්‍යයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කර සිටියි.

    රටේ සම්පත් ඵලදායක ලෙස යොදවා ගැනීමේ රජයේ ප්‍රතිපත්ති අනුව යමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු සම්පත් උපරිම ලෙස ඵලදායී කටයුතු වල යෙදවීමේ ප්‍රතිපත්තිය යටතේ,  සබරගමු විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වීම සඳහා ඉඩපහසුකම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් කාර්යාල ගොඩනැගිල්ල තුල ලබා දීමට වූ අවබෝධතා ගිවිසුම (  (18)දින එම විශ්වවිද්‍යාලයේ දී අත්සන් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවේ දී සභාපතිවරයා මේ බව කීය.

    විදේශ රැකියා වෙළඳපොල, මැද පෙරදිග සීමාවෙන් පිටට ගලා යමින් තිබෙනවා. එහි පවතින ඉල්ලුම සපුරාලීමට ලෝකයේ ඉහළ රැකියා ඉල්ලුමක් පවතින සාත්තු සේවිකා , හෙද සහයක  වෘත්තීන් වෙනුවෙන් දැනුවත් ශ්‍රමිකයන් යොමු කරන්නට පහසුකම් සලසන පාඨමාලා විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් විදේශ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට අවශ්‍යයි.  එංගලන්තය, ජර්මනිය වැනි රටවල සාත්තු සේවිකා, හෙද සහයක සඳහා වැඩි වැටුප් සහිත රැකියා ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට ඉල්ලුමක් ඇති බැවින්, ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට සුදුසු  වන පාඨමාලා ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් වැඩිදුරටත් අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යනයක් සකස් කොට, විදේශ රැකියා  ක්ෂේත්‍රයට වෘත්තිකයන් බිහි කිරිමට සබරගමුව විශ්වවිද්‍යාලයේ ද දායකත්වය ලබා දීමට ඉදිරිපත් වීම ඉතා උසස් ලෙස අගය කිරීමට කැමතියි.”


    සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන්ගේ දේශන සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් කාර්යාලයේ (රත්නපුර) තෙවන මහල සම්පූර්ණයෙන්ම වෙන් කර මෙම  අවබෝධතා ගිවිසුමට සබරගමු විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය උදය රත්නායක සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කමල් රත්වත්තේ  යන මහත්වරුන් අත්සන්ත බන්නට විය.

    ඉහත සාකච්ඡාවේදී අදහස් දැක්වූ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා විදේශ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට අදාල පාඨමාලවන් ආරම්භ කිරීම සඳහා විදේශ සේවා නියුක්ති  කාර්යාංශය සමඟ තවදුරටත් සාකච්ඡා කර, සක්‍යතා අධ්‍යනයක් සිදු කොට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන්නට විය.

    මෙම අවස්ථාවට සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න, වැඩබලන ලේඛකාධිකාරී කමල් ගුණවර්ධන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  පරිපාලන හා මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත වීරසේකර, සබරගමු පළාත් කාර්යාලයේ කලමණාකරු හේමන්ති වක්කුඹුර යන මහත්ම මහත්මීන් එක්වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya