මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් තැනෙන Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹෙයි

    නොවැම්බර් 20, 2020

    තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළඳපොළ අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop ව්‍යාපෘතියට අදාළ සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේදී ඊයේ 19 දින පැවැත්විණි.


    එහිදී ප්‍රථම Q-shop වෙළඳසැල ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත විය. ගුණාත්මක භාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා ස්වදේශික පෞද්ගලික නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සෘජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසාකයින් සඳහා වෙළඳපොළ අවස්ථා මේ ඔස්සේ නිර්මාණයවනු ඇත.

    මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක් (1000) ක් ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි Q-shop 14000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරගකාරී තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමට මැදිහත්වීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

    ක්‍රීඩා අමාත්‍යංශයේ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට තරුණ ව්‍යවසායකයින් සොයාදීම සිදු කෙරේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනයට සමඟාමීව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත, ඔබයි දැයේ විරුවා නැමැති ගීතය ඇතුළත් සීඩී තැටිය අග්‍රාමාත්‍යතුමාට  පිරිණැමීමද මෙහිදී සිදු විය.

    මෙම අවස්ථාව සඳහා ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමි හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත්  නිවාඩ් කබ්රාල්,ලසන්ත අලගියවන්න මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya