මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    මහින්ද ගෝඨා සුසංයෝගය යුද්ධ ජයග්‍රහණය කළා මෙන් ආර්ථික යුද්ධය ද ජයගන්නවා - අමාත්‍ය උදය ගම්මන්පිල

    නොවැම්බර් 20, 2020

    වත්මන් ආණ්ඩුව විශ්වාසය තබන්නේ විදේශ බලවතුන් මත හෝ ජාත්යන්තර සංවිධාන මත හෝ නොව දේශීය දැනුම, දේශීය ව්‍යවසායකයින්, දේශීය ජනතාව හා දේශීය සම්පත් මත බවත්, යුධ ජයග්‍රහණ කළා මෙන්, කොරෝනා ව්‍යාප්තිය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වෙන ආකරයෙන් සාර්ථකව මැඩපවත්වමින් සිටින්නාක් මෙන් මෙරට තුළ පවතින ආර්ථික යුද්ධයත් ජයග්‍රහණය කරන බවත් බලශක්ති අමාත්‍ය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


    දේශීය නිෂ්පාදකයා, දේශීය ගොවියා ආනයන සීමා කිරීම පිළිබඳව සතුටු වන මුත් විදේශීය වෙළඳපොළ වෙනුවෙන් නියෝජිතයින් ලෙස පෙනී සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව අද ආනයන සීමා කිරීම පිළිබඳව විවේචනය කරන බවත්, 2019 වසරේ දී භාණ්ඩ අපනයන මඟින් ඩොලර් බිලියන 12 ක් උපයාගන්නා විට ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 20 ක් වියදම් කිරීමට සිදු වූ බවත්, අපනයන අදායමට වඩා ආනයන වියදම වැඩි වූ විටෙක විදෙස් ශ්‍රමිකයින් එවූ මුදල්, ඍජු විදේශ ආයෝජන, සංචාරක කර්මාන්තයෙන් හා ණය ලබා ගැනීම මඟින්එම වසරේ දී එය පියවාගැනීමට හැකි වූ නමුත් 2020 ඔක්තෝබර් නිකුත් කළ මහබැංකු වාර්තාවට අනුව 2020 අගෝස්තු මාසය අවසන් වන විට අපනයන හා ආනයන අතර පරතරය ඩොලර් බිලියන 04 ක් වන බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    එකී වෙනස පියවාගැනීමට නොහැකි වී ඇති බවත්, ඒ සඳහා මෙම වසරේ දී මෙරට තුළ උද්ගතව ඇති තත්ත්වය මත සංචාරක කර්මාන්තය බිදවැටිම, විදෙස් මුදල් නොමැතිකම හා විදෙස් ආයෝජන නොමැතිකම, විදේශික ශ්‍රමිකයින්ගේ රැකියා ගැටලුව, මෙන්ම පසුගිය ආණ්ඩුව විසින් වගකීම් විරහිතව, සීමාව ඉක්මවා ණය ගැනීම නිසා තවදුරටත් විදේශ ණය ලබා ගැනීමේ නොහැකියාවට ද මුහුණ දීමට සිදුව ඇති බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.

    ඒ අනුව, ආනයන හා අපනයන අතර වෙනස පියවීමට සම්ප්‍රදායිකව සිදු කළ ඉහත සාධක කිසිත් නොමැති නිසා හැකිපමණ අපනයන ආදායමේ මට්ටමට ආනයන සිමා කළ යුතු බවත්, එසේ නොමැතිනම්, මීට වඩා හොද විකල්ප විපක්ෂය සතු වේ නම් එය ඉදිරිපත් අකරණ ලෙසද අමාත්‍යවරයා මෙහි දී යෝජනා කළේය.

    එපමණක්නොව, ආනයන සිමා කිරීම නිසා වසර තුළ ඩොලරයේ අගය රුපියල් 185.00 මට්ටමට තබාගැනීමට හැකිව තිබෙන අතර පසුගිය ආණ්ඩුව සිදු කළ විශාල ණය ගැනීම නිසා මෙම වසරේ පමණක් ඩොලර් බිලියන 4.5 ක විදෙස් ණය පියවීමට ද සිදුව තිබුණු අතර මේ වන විට එය සම්පුර්ණයෙන් ම ගෙවා දැමීමට හැකිවූ බවත්, එහෙත් මෙකී ණය ගෙවා දැමීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ජනතාව වෙත අනවශ්‍ය පීඩනයක්, අනවශ්‍ය බදු පැනවීමක් සිදු කිරීමට නොහැකි හෙයින් ද, රුපියල ස්ථායිව පවත්වාගැනීමට ද සිදු ව ඇති හෙයින් ද, ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරනවා විනා වෙනත් විකල්පයක් නොමැති බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කර සිටියේය.

    කෙසේවුවත්, මේ රට තුළ උද්ගතව තිබෙන ආර්ථික අභියෝගවලට ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති තුළ යම් ගැටළුවක් තිබෙන්නේ නම් ඒ සඳහා විපක්ෂය සතුව තිබෙන විකල්ප ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂයට අභියෝග කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya