මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙලක් මෙම අයවැය මගින් ක්‍රියාත්මක කරනවා

    නොවැම්බර් 20, 2020

    දේශීය ව්‍යවසායකයින් නිර්මාණය කිරීමේ නව වැඩපිළිවෙලක් මෙම අයවැය මගින් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් කරන බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    ලෝකයේ අනෙක් රටවල් හා සමග සසඳන කල 4%ක් පමණ වන මෙරට ව්‍යවසායක ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන් බව පැහැදිළි කළ අමාත්‍යවරයා ඒ අනුව මෙවර අයවැය ලේකනයේ ඒ සඳහා වැඩි අවධානය යොමු කළ බවද කීය. අයවැය දෙවන වර කියවීමේ තෙැවනි දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

    ඊයේ දින හම්බන්තොට නව ටයර් කර්මාන්ත ශාලාවක් ඇරඹීමට කටයුතු කළ බවද එහි පළමු ආයෝජනය ඩොලර් මිලියන 300ක් බවත් , පෝට් සිටියේ තවත් ඩොලර් බිලියන 100ක ආයෝජනයක් පිළිබඳව මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද පැවසූ අමාත්‍යවරයා ඒ ණය නොව ආයෝජනයන් බවද පෙනවා දුන්නේය. මෙම ටයර් කර්මාන්තශාලාව සමග සෘජු සහ වක්‍ර රැකියා 2000 ඉදිරි වසර කිහිපය තුළ මෙරට ඇති වන බවත් ඩොලර් මිලියන නවයක් වටිනාකමකින් යුත් ටයර් වසරකට ආනයනය කර හැකි අතර මෙමගින් විදේශ විනිමය ඩොලර් මිලියන 300ක් බලාපොරොත්තු වන බවත් කීය.

     

    හම්බන්තොට වරාය මෙන්ම පේදුරු තුඩු වරායද අලුත්වැඩියා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පසුගිය ආණ්ඩු සමයේ කිසිම සංවර්ධන වැඩසටහනක් මෙරට තුළ ක්‍රියාත්මක නොවූ බව අවධාරණය කළේය. පසුගිය රජය යටතේ අහිංසක මිනිසුන්ගේ නිවාස ප්‍රශ්නය විසඳන බව පැවසුවත් නිවාස ලබා දීමක් සිදු නොවූ බව පැවසූ අමාත්‍යවරයා නව රජය යටතේ මේ වසර අවසන් වන විට නිවාස 10,000ක් ඉදි කර අවසන් කරන බවත් එහෙත් ඒ ණය ලබා දීමෙන් නොව නිවාස අධාර ලබා දී මෙම නිවාස ඉදි කරන බවත් කීය.


    පසුගිය සමයේ විදේශ ආයෝජන ගෙනෙන බව පවසමින් තිබෙන ආයෝජන ද නවත්වා දැමූ බවත් මෙයට හොඳම නිදසුන හම්බන්තොට වරාය බවත් පෙන්වා දුන්නේය. රජය ණය ගන්නේ යටිතල පහසුකම් දියුණු කිරීමට බවත් එම යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ආයෝජකයින් මෙරටට පැමිණෙන බවද අමාත්‍යවරයා කීය.


    ව්‍යවසායකයන් මෙරට බිහි කිරීම මගින් තව තවත් රැකියා උත්පාදනය වන බවත් තරුණ ව්‍යවසායකයන් 1000ක් සමග සුපිරි වෙළෙඳසල් සංකල්පය ගමට ගෙනයාමේ ව්‍යාපෘතියක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග ඊයේ ආරම්භ කළ බවද පැවසිය. මෙලෙස ගම තුල ව්‍යාවසායකයින් ඇති කර රටේ ආර්ථිකයට ඔවුන්ව සම්බන්ධ කර ගන්නා බවත් සමෘද්ධිලාභීන් එම තත්වයෙන් මුදවාගෙන දේශීය ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන පිරිසක් බවට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya