මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම‍ට පියවර

    නොවැම්බර් 20, 2020

    මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් 19වැනි දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

     

    ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව මේ වන විට සකස්කොට තිබෙන දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනයටත් එහි සිදු විය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහාත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් එහිදී පත් කෙරිණි. ඒ අනුව අදාළ කමිටුවේ නිර්දේශ සහිත ව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීම පිණිස 2020/12/11වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත ය.

     

    මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, පළාත් සභා, ජාතික ළමා ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya