මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    එල්.ටී.ටී.ඊ සැමරුම- පොලීසියට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් පිරිසක් විසින් කළ ඉල්ලීම ඉවතට

    නොවැම්බර් 20, 2020

    එල්.ටී.ටී.ඊ මහවිරු සැමරුම වළකාලමින් පොලීසිය විසින් ගත් පියවර සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් පිරිසක් විසින් කළ ඉල්ලීම උතුරු පළාත්බද මහාධිකරණය  විසින් ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවද අජිත් රෝහණ මහතා පැවසූ වේ ය.

    වවුනියා සහ මන්නාරම ප්‍රදේශයේ ඊළඟ සතියේ පැවැත්වීමට නියමිතව තිබෙන මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී පුද්ගලයින් සැමරීමේ වැඩසටහන් වලට අදාළව වවුනියාව හා මන්නාරම පොලීසිය මඟින් එකී ප්‍රදේශ වල අධිකරණ වලට ගොස් එකී වැඩසටහන් වලට එරෙහිව අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් නියෝග ඉල්ලා සිටි අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 05 දෙනකුට එරෙහිවත්, වවුනියා මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයින් 08 දෙනකුට එරෙහිවත් තහනම් නියෝග නිකුත් කොට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (19) විශේෂ ප්‍රක්ෂයක් නිකුත් කරමින් කියා සිටියේය.

    යම් අයෙකු එම ප්‍රදේශ වල දී මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී පුද්ගලයින් සැමරීමක් කරන්නේ නම් ඒ අයට එරෙහිව අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාවක් තිබේ.
    ඒ අනුව, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් නිසා විපතට පත් වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර නැවතවරක් භේදයක් ඇති කිරීමේ චේතනාවෙන් මෙම සැමරුම් කිරීමට උත්සහ දරණ බව පෙනීගොස් ඇති නිසා පොලිසිය මඟින් තහනම් නියෝග ලබා ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    නොවැම්බර් 25,26 සහ 27 දින මෙම සැමරුම් පැවැත්වීමට උත්සහ ගෙන තිබුණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya