අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වලඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මද්‍රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම වගකීම ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය