වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතියි . කොලඹ සිට වරකාපොලට පැමිණීමට ගතවන්නේ පැයක පමණ කාලයක් බවත් වරකාපොල සිට අඹේපුස්සට ඇත්තේ කිලෝමීටර 2ක පමණ දුරක් වුවත් එම සුලු දුර ගමන් කිරීමට පැයක් පමණ ගතවන බවත් එක තමාම පෞද්ගලිකවම මුහුණ දුන් අත්දැකීමක්බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
ඉදිකිරීමට යෝජිත වරකාපොල අතුරු මාර්ගයේ දිග මීටර් 2,350කි. මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි . මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි . මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.
උතුර , උතුරු මැද ,නැගෙනහිර ,වයඹ , මධ්‍යම ,ඌව සහ සබරගමුව පළාත් රටේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත සමඟ යා කරමින් දිවෙන කොළඹ මහනුවර ( A 001 ) මාර්ගය වරකපොල නගරය හරහා ඉදි වී ඇත . වරකාපොල - රුවන්වැල්ල ( B 47 ) මාර්ගයේ හමුවන ධර්මසිරි සේනානායක මාව තින් ආරම්භ වන මෙම වරකාපල අතුරු මාර්ගය , අඹේපුස්ස -කුරුණෑගල- ත්‍රිකුණාමලය මාර්ගය ආරම්භ වන අඹේපුස්ස මංසන්ධියෙන් අවසන් වේ . කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් මෙම අතුරු මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි .
මෙම අවස්ථාවට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා , වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක සහ සුදත් මංජුල , කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි රජිකා වික්‍රමසිංහ මැතිණිය , මාහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්ම මහත්මීන් ඇතුලුව ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ විශාල පිරිසක් සහභාගී වූහ.