මේ අනුව සියළු සමන්විත අංග සම්පූර්ණ එම දෙමහල් ගොඩනැගිල්ලෙහි ඉහල මහල සෙසුනිළ භෝජනාගාරය වෙනුවෙන් වෙන්කර ඇති අතර, පහල මහල කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව (කෝප්‍රල්’ස් ක්ල්බ්)වශයෙන් වෙන් කර තිබේ.තවද ඉහල මහලෙහි පිහිටා ඇති සෙසුනිළ භෝජනාගාරය තුල සාමාජිකයන් 125 දෙනෙකුට එකවර ආහාර ගැනීම සඳහා පහසුම් සලසා ඇති අතර පහල මහලෙහි පිහිටි කොමිෂන් නොලත් නිලධාරින්ගේ සමාජ ශාලාවෙහි එකවර සාමාජිකයන් 125 දෙනෙකු වෙනුවෙන් ආසන පහසුකම් පනවා ඇත.
මෙම ගොඩනැගිල්ල පනාගොඩ යුද හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරිගේ සංකල්පයක් මත ඉඳිකිරිමට කටයුතු යොදා තිබූ අතර, ඒ අනුව එම දෙමහල් ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් කටයුතු නිම කිරීම එම ක්‍රීඩා ගම්මානයේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක ජේෂ්ඨ නිලධාරීතුමන්ගේ සෘජු අධීක්‍ෂණයෙන් ක්‍රීඩා ගම්මානයේ සේනාවිධායක කර්නල් ප්‍රියන්ත නවරත්න ලබාදුන් උපදෙස් මත 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ ශ්‍රම දායකත්වය මත සිදුකර තිබිණි. තවද මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉඳි කිරීම වෙනුවෙන් වැය වූ මුල්‍ය පිරිවැය යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් දරා තිබිණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ සියළුම යුද හමුදා ක්‍රීඩා කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා , යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එම්ඒඒඩී දුමින්ද සිරිනාග මහතා, යුද හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් බීපීඑස් ද සිල්වා මහතා, ආරක්‍ෂක සේනා මුලස්ථාන බටහිර ආඥාපති මේජර් ජෙනරල් බීවීඩීපී අබේනායක මහතා යන ජේෂ්ඨ නිලධාරීන්ද මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් සහභාගී වූහ.