ඒහිදී සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය ඇතුළු අනෙකුත් ඖෂධ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත ප්‍රදානය කිරීම සිදුවිය. ඒමෙන්ම ඒහිදී කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් මිදීම සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හදුනාගෙන තිබෙන ධූමායනය සදහා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් වීරසිංහ මහතා විසින් නිෂ්පාදිත විශේෂ උපකරණය වූ සුව ජීව වායු ආනය හදුන්වාදීමද අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා
අපි විශේෂයෙන් සතුටු වෙනවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම බන්ධනාගාරගත රැදවියන් සහ නේවාසිකව සිටින නිලධාරීන් වෙත ලබාදීමට අවස්ථාවක් උදාකරලීම පිළිබදව. ඒම ප්‍රතිකාර සදහා අප තෝරාගනු ලැබුවේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් විද්‍යානුකූල පර්යේෂණ වලින් අනතුරුව කොවිඩ් මර්දන ජාතික කමිටුව මගින් නිර්දේශිත ප්‍රතිශක්තීකරණ වර්ධක පානයන්. ඊට අමතරව අප මෙම රෝග තත්ත්වයන් සදහා අතීතයේ සිට ඉතා දීර්ග කාලයක් භාවිතා කරන සුදර්ශන ඖෂධය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය වෙත ප්‍රථමයෙන් ප්‍රදානය කිරීමට අවස්ථාව උදාවීම පිළිබදව සතුටු වෙනවා. ඒම ඖෂධය අපේ රටේ ශ්වසන රෝග සහ උණ රෝගය සදහා භාවිතා කරන ලද ඖෂධයක්. මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ධූමායනය කොවිඩ් 19 සදහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒම නිසා ඒය පහසු කරලීම සදහා ඉතා හොද උපකරණයක් දේශීය ක්‍රම මත නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම අපේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් වීරසිංහ මැතිතුමා විසින් ඉතා නවීන හැඩයකට අපේ සාම්ප්‍රදායික දැනුම උපයෝගී කර නිර්මාණය කර තිබෙන උපකරණයක්. අපේ රට මෙන්ම ලෝකය මුහුණදී තිබෙන කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් මුදාගැනීමට යම් යම් අලුත් නිර්මාණ සිදුකරන නව නිර්මාණකරුවන් වෙත අපිට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර සිටියේය.
ඒම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.