අයවැය දෙවනවර කියවීමේ අවසන් දිනය වූ අද දිනයේ විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරටට අධාර දෙන මැද පෙරදිග සහ ගල්ෆ් රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බවත් මෙරටට ආධාර ලබා දෙන ජාත්‍යන්තර රටවල් කිසි විටකත් ශ්‍රී ලංකාව සමග අමනාපයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතයයට මුහුණ දීමේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග වඩාත් එකමුතුව කටයුතු කළ බවත් පැහැදිළි වැඩපිළිවෙළක් සහිතව සෞඛ්‍ය , ආරක්ෂක සහ රාජ්‍ය සේවාවන් එක්ව ගමේ සිට ඉහළට මෙම කොවිඩ් වැළැක්විමේ වැඩපිළිවෙල සාර්ථකව මෙහෙය වූ බවත් අමාත්‍යවරයා කීය.
මෙම ක්‍රියාදාමයේ දී මිනිස් ජීවිත ආරක්ෂා කළ යුතු යැයි මතයේ සිටිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයතු කළ බවද සඳහන් කළේය.
රට වෙනුවෙන් කළ යුතු උපරිමය ඉටු කිරීම සඳහා රජය කැප වෙන බව පැවසූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලාංකිකයන් වශයෙන් මොනවද ලැබෙන්නේ නොවේ මොනවද කළ යුත්තේ යන අදහසින් මෙම අයවැයට සහාය දෙනනැයි ඉල්ලා සිටියේය.