ඒ අනුව, මේ දක්වා මුහුණු ආවරණ නොමැතිව ගමන් කළ සහ දුරස්ථභාවය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සංඛ්‍යාව 392 කී.
තවදුරටත් පොලිස් බලප්‍රදේශ 24 ඒ ආකාරයෙන්ම හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කොට තිබෙන අතර තවදුරටත් සංචරණ සිමා වලට යටත් ව, මෙම රෝගය පාලනය කරගැනීමට හැකි වන සේ තවදුරටත් කටයුතු කරන ලෙසත්, එලෙස කටයුතු කිරීම මඟින් සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවත් එම ප්‍රදේශ වල ජනතාවට අජිත් රෝහණ මහතා දැනුම් දී සිටී.
එමෙන්ම, පෙරේදා සවස IDH රෝහලෙන් පැනයන ලද කාන්තාව සම්බන්ධව ඇහැළියගොඩගොඩ සහ කිරිඇල්ල පොලිස් ස්ථාන මඟින් ඊයේ (21) දින දවස පුරා විශේෂ කණ්ඩායම් යොදවා සොයා බලනු ලැබූ අතර තවමත් ඇය සොයාගැනීමට නොහැකිවී තිබේ.
ලැබුණු තොරතුරු වලට අනුව, ඇගේ දරුවා ද සමඟ ඇහැළියගොඩ ප්‍රදේශයේ දී දරුවා භාර දී කිරිඇල්ල ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වී තිබේ. ඇහැළියගොඩ සහ කිරිඇල්ල පොලිස් ස්ථාන මඟින් එම කාන්තාව පිළිබද සෙවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
එකී කාන්තාවගේ දරුවා මේ වන විට නිරෝධායන රීතීන්ට අනුව අදාළ නිරෝධායන සහ ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා යොදවා තිබේ.