පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ලැබුණි
2021 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5.00ට ආරම්භ විය. 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.
දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වනදා ය. එදින පස්වරු 5.00ට ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය