පවත්නා තත්ත්වයේ වුව ද මෙරට තුළ වත්මන් රජය මඟින් ඩොලර් බිලියන 5,277 ක වටිනාකමකින් යුතු මෙතෙක් කරගෙන ආ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට කටයුතු කරන බවත් එමඟින් අපේක්‍ෂිත සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට ඉදිරියේ දී හැකි වනු ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.
පෙර අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජයගත්තා මෙන් මේ වන විට අභියෝගයක්ව පවතින කොවිඩ් වසංගතය ද වත්මන් රජය විසින් ජයගන්නා බව ද, ඒ වෙනුවෙන් විශේෂ මුදල් වෙන් කිරීමක් අවශ්‍ය නොවන බවත්, එකී අභියෝග මධ්‍යයේ වුව ද, පොළී අනුපාත අඩු කිරීම, රැකියා ලක්ෂයක් ලබා දීමට කටයුතු කිරීම, ආනයනය පාලනය කර ගැනීම වැනි සහන ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවත්, පෙර රජයේ දුර්වල පාලනය නිසා රුපියලේ අගය පාලනය කර නොගැනීම නිසා ඇති වූ ගැටළු සියල්ල නිරාකරණය කර ගැනීමට වත්මන් රජය සමත්ව තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෙසේවුවද, පවත්නා අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින්, ගැටළු වලට විසඳුම් ලබා දෙමින් ජනාධිපතිවරයාගේ රට ඉදිරියට ගෙන යාමේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින්, ඒ අනුව මේ රට නිවැරදි දිශාවකට ගමන් කිරීමේ පළමු අදියර ලෙස 2021 අයවැය හඳුන්වා දී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.