මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසන අවස්ථාව සම්බන්ධව විපක්ෂයෙන් මතු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරක් ලබාදෙමින් මේ බව සඳහන් කළේ ය.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ න්‍යාය පත්‍රයට වාචික පිළිතුරු අපේක්ෂා කරන පාර්ලිමේන්තු ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යපා අබේවර්ධන මහතා ද පැහැදිළි කිරීමක් සිදු කළේ ය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 ප්‍රකාරව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන යම් ප්‍රශ්නයක් න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට නිවාඩු දින හැර සම්පූර්ණ දින 7ක විධිමත් දැනුම්දීමක් සිදු කළ යුතු බව කථානායකවරයා සඳහන් කළේ ය.
සෑම මන්ත්‍රීවරයකුටම පාර්ලිමේන්තුව තුළදී ප්‍රශ්න ඇසීමට අයිතියක් ඇතී බවත් එහෙත් ඇතැම් මන්ත්‍රීවරු එක දිනයකදී ප්‍රශ්න 300 , 500 වැනි ප්‍රමාණයයක් ඇසීමට ලබා දී ඇති බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රශ්න 2,3 ඇසීමට ලබා දී ඇති බවත් පැහැදිළි කළ කථානායකවරයා මෙමගින් ඇතැම් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් උදා නොවන බව පැහැදිළි කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කිසිම අයිතියක් යටත් කිරීමට සූදානම් නොමැති බවත් නමුත් පාර්ලිමේන්තුවේ අයිතිය හා ගෞරවයද ආරක්ෂා කරමින් ඉදිරියට ගමන් කළ යුතු බවත් මේ පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවත් සභානායක දිනේෂ් ගුණවරධන මහතා පැවසීය.
ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටහඩ මකා දැමීමට කිසිසේත් උත්සාහ නොකරන බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම් කැඳවන්නේ දෙපක්ෂය සමග සාකච්ඡා කර බවත්පැවසූ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අසන ප්‍රශ්න වලට පාර්ලිමේන්තුව පැමිණ පිළිතුරු ලබා දෙන බවත් මෙලෙස කාලය නාස්ති කිරීම නිසා පස්වරුවේ මන්ත්‍රීවරුන්ට ලැබෙන කාලය සීමා වන බවත් පැහැදිළි කළේය.