අයවැයට පෙර සිටම ඒ සඳහා මූලික පියවර තැබීමේ අඩිතාලම ගත් බව අමාත්‍යවරයා සදහන් කළේය. අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා පැවසුවේ, ඩිජිටල්කරණය කිරීමට අදාළව කාර්ය සාධක බලකායක් පිහිටිවීම සම්බන්ධයෙන් විපක්ෂය සිදු කරන යෝජනාව ඉතා අගය කරන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලබා දෙන එම සාධනීය අදහස් උකහාගෙන මේ රටේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් බවයි.
ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් මෙම අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇතැයි නගන චෝදනාව අසත්‍යයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 2019 වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 400කටත් වඩාඅඩු බවත් ආරක්ෂක අමාත්‍යංශය යටතට ආපදා කළමණාකරණය ,දිස්ත්‍රික් කළමණාකරණය,යන ක්ෂේත්‍ර ඇතුළත් වන අතර අඩු ආදායම්ලාභී යෞවන යෞවනියන් ලක්ෂයක් සඳහා ඔවුන් පුහුණු කිරීම ලබා දී ඇති රුපියල් මිලියන 26ක මුදලද, දිස්ත්‍රික්ක හා ප්‍රා දේශීය පරිපාලනය සඳහා වූ රුපියල් බිලියන 40ක මුදලද, මීට ඇතුළත් බවත් ආපදා කළමණාකරණයට, පුරා විද්‍යා කටයුතු , දිස්ත්‍රික් සුභසාධනය ආදී විෂයන් සියල්ලම එකතු කර මෙම මුදල වෙන් කර ඇති බවද පෙන්වා දුන්නේය.
ගත වූ වසරක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන මුදල් එක් සතයක් හෝ අයතා ලෙස පරිහරණය කළා යැයි කිසිවෙකුට චෝදනා කළ නොහැකි බවත් එතුමා අදටත් ජීවත් වන්නේ තමා සිටි නිවසේ බව පැවසූ අමාත්‍යවරයා, බලය විහිදුවාලන්නට කිසිවිටකත් කටයුතු නොකළ බවත් අනවශ්‍ය පරිවාර රථ භාවිතා නොකර ප්‍රභූ රැස් පෙන්වන චර්යාවක් කිසිවිටකත් එතුමාට නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.