''සෞභාග්‍යයේ දැක්ම'' ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් කරනු පිණිස කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (23) දින කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ජාවකට සහභාගි වෙමිණි.
ඒ අනුව අදාළ ආයතන වලින් හදුනාගනු ලබන සුදුසු මාර්ගයක් තෝරාගෙන සංවර්ධනය කොට කඩිනමින් ජනතාවගේ ගමනා ගමන කටයුතු පහසු කරලීම සදහා පවරා දීමට කටයුතු සූදානම් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් වෙත රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ ය.
කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ඉලක්කය ඉදිරි සිව් වසර තුළ සපුරාලීම සදහා අදාළ මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස සකස් විය යුතුයි. මාර්ග සංවර්ධනය සිදු කරලීම මෙන්ම පවතින රථ වාහන තද බදයන් අවම කිරීම සදහා ද නගර ආශ්‍රීතව රථ ගාල් ඉදිකිරීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්.දයාරත්න, කි.මී.ලක්ෂයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක නිමල් ප්‍රේමතිලක යන මහත්වරුන් සහභාගී වී සිටියහ.