ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම ප්‍රගතිය ජනතාව දැන ගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කිය. අයවැය තුන්වනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
දූෂණය අක්‍රමිකතාව පිටු දැකීමට ගත යුතු සියළු පියවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති බවත් 2025 වන විට සෑම පුද්ගලයකුටම වතුර ලබා දීමේ වැඩපිළිවෙළක් , අපනයන කෘෂි ආර්ථිකයක් මෙරට ඇති කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විවාදයේ දී අමාත්‍යවරයා මෙසේ ද කීය;
ජනාධිපතිතුමා ලංකා දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහනයක් ලැබුවා. ගෞරවනීය නායකත්වයට ජනතාව දුන් ජනවරම තමයි මේක. මේක කියන්නේ එක ආයතනයක් විතරයි. මුළු එකතුව පසුගිය අවුරුද්දේ බිලියන 3.1යි. මේ අවුරුද්දෙ බිලියන 1.2යි. වෙනස බිලියන 1.8යි.වත්මන් ජනාධිපතිතුමාගේ පාලන කාලයේ ජනාධිපති කාර්යාලයේ පමණක් ඉතිරුව බිලියන 1.8ක්. මේකටයි මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ. මේක තමයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වූ වෙනස.
පසුගිය ආණ්ඩුව තමා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව එල්ල කළ නඩු වලට පැකිළීමකින් තොරව මුහුණ දෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.