මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදැක්වෙයි

    නොවැම්බර් 24, 2020

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර 20 දිනට වසර 31ක් සැපිරීම නිමිත්තේන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child
    Protection app) නිර්මාණය කර නිල එළිදැක්වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ලේකම් එම කේ. එම්. එස්. ඩී. ජයසේකර මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.

    මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) පර්යේෂණ කාලය අවසන් වූ පසු මහජනතාවගේ පරිහරණය සඳහා ලබා දීමට නියමිතය. මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම නිර්මාණය සඳහා දායකත්වය Save The Children International, World Vision Sri Lanka සහ LEEDS යන ආයතන සපයන ලදී.

    මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම සඳහා තාක්ෂණික දායකත්වය සර්වොදය Fusion ආයතනය විසින් සපයා ඇත.  මෙම උත්සවයේදී “ළමා අපයෝජනය හදුනා ගැනීම වළක්වා ගැනීම හා කළමණාකරණය” ග්‍රන්ථය එලි දැක්වීම සිදු කරනු ලබයි.

     

    මෙමගින් ළමා ආරක්ෂණය සම්බන්ධව දැනුම ලබා ගැනීමට සියලුම දෙනාට හැකියාව ලැබෙනු ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුලු විද්වත් කතෘ මණ්ඩලයක් විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

    තවද 1929 ළමා උපකාරක දුරකථන සේවය ළමයින්ට, වැඩිහිටියන්ට සහ ජනතාවට සමීප කරවීම තුළින් ළමා අපයෝජනයන් වාර්තා කිරීමට පෙළඹවීම සඳහා 1929 පිළීබඳ නිර්මාණය කරන ලද ගීතයක් ද එළිදක්වන ලදි. මේ සඳහා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහයෝගීතාවය දක්වා ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya