අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ වැඩශීර්ෂ පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි
කොවිඩ් වසංගතය හමුවේ හුදෙකලා වූ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා දීම, විශ්‍රාම වැටප් ලබා දීම, රුපියල් 5000 දීමනාව ලබා දීම, රාජ්‍ය නිලධාරින් විසින් ඉතා කඩිනමින් සහ කාර්යක්ෂමව ඉටු කළ බවත්මෙම අර්බුදකාරී සමය තුළ රාජ්‍ය සේවකයන් විසින් ඉටු කළ කාර්යය ඉතා අගය කරන අතර ඔවුන්ට ගෞරවය පිරි නැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
සංවර්ධන ක්‍රියාවන් කඩිනමින් ඉටු කර ගැනීම සඳහා රැකියා විරහිත උපාධිධාරින් 50,000ට කඩිනමින් රැකියා ලබා දීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඔවුන්ගේ ඉල්ලීම අනුව එය 60,000 දක්වා වැඩි කිරීමට සිදු වූ බවත් මේ වන විට උපාධිධාරින් 49,778කට පත් වීම් ලිපි ප්‍රදානය කර අවසන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මේ වන විටත් උපාධිධාරින් අදාළ පුහුණු සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ. පසුගිය රජය බඳවා ගත් උපාධිධාරින්ද එම සේවයේ ස්ථිර කිරීමට සහ රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා කීය.කළමණාකරණ සේවයේ නිළධාරින් 2300ක් බඳවා ගැනීමටත් , රාජ්‍ය සේවයේ විශාල අඩුපාඩුවක් වූ භාෂා පරිවර්තකයින් 383 දෙනෙකු සහ පුස්තකාලාධිපතිවරු 123 දෙනෙකු බඳවා ගැනීමටත් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මේ වසරේදී වසර 50ක් සපිරෙන බවත් 2020 නොවැම්බර් මස වන විට විශ්‍රාමිකයන් 659,166කට විශ්‍රාම වැටුප් රුපියල් බිලියන 209ක් ගෙවා තිබේ . සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉදිරියේදී තොරතුරු තාක්ෂණය වැඩි දියුණ කර online ක්‍රමය හරහා විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමට ප්‍රා දේශීය ලේකම්වරුන්ට බලය ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින් පළාත් පාලන විෂය තමාගේ ප්‍රියතම විෂය බවත් ,එය ක්‍රමවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පළාත් පාලනය පිළිබඳ නීති රීති වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කරමින් පවතින බවද ඒ සම්බන්ධ යෝජනා රැසක් තම අමාත්‍යංශයට දැනටමත් ඉදිරිපත් වී ඇති බවත් ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පැහැදිළ කළේය.