අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ,කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල සදහා රජය විසින් ජනතාවට සහනාධාර සඳහා මේ වනවිට මිලියන 70 ආසන්න මුදලක් වැය කර ඇති බව කීය.
එසේ ම මේ වන විට හම්බන්තොට ආශ්‍රිතව ඇති ටයර් කර්මාන්ත ශාලාව සඳහා ඩොලර් මිලියන 300 ආයෝජනයක් ලැබි ඇති බවත් ,පසුගිය දා ඊට අත්සන් තැබු බවත් ඇමතිවරයා කීය.කොළඹ - මහනුවර මාර්ග තදබදය අවම කිරිම සදහා වරකාපොල හා අඹේපුස්ස විකල්ප මාර්ග සදහා මිලියන 04 ක මුදලක් වෙන් කර ඇති බවත් එය මේ වන ව්ට ආරම්භ කර ඇතැයි ද සදහන් කළේ ය.ආසන 160 ,මාර්ග 160 ක ව්‍යාපෘතිය ,අනුරාධපුරයේ ප්‍රථම මහල් නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කර ඇති බවත්, පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය යන විවිධ සංවර්ධන වැඩසටහන් මේ වනවිට ක්‍රියාත්මක වන බව ඇමතිවරයා කීය.
රජය සම්බන්ධයෙන් විවේචන කිරිමේ හැකියාව තිබෙන බවත්,එම හොද විවේචන තම රජය බාර ගැනීමට සූදානම් බවත්,එසේම මෙම අවස්ථාවේ දි පුරවැසියන් ලෙසින් පාට,පක්ෂ හා විවිධ අදහස් අතහැර මෙම වසංගතය ජය ගැනිමට රජය සමඟ එක් වන ලෙසට තමා ආරාධනා කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඉතා කණගාටුවට පත් වන බවත් ඔවුන් බොරදියේ මාළු බාන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇතැම් වෘත්තීය සමිති සිදු කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.