මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13 ක් හුදෙකලා කර ඇති බව පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා ,මහල් නිවාස 06ක් ඒ අතර වන බව කීය. පවුල් 8486 කට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දී තිබෙන අතර ඒ සදහා මිලියන 86ක මුදලක් වැය කර තිබේ.කෙසේ වුවද දෙවන වරටත් මෙම ජනතාව සදහා සදහන මලු ලබා දීම ඊයේ (23 ) දිනයේ සිට ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.
එසේම,මෙම සහන නොලැබීම සම්බන්ධයෙන් අභියාචනා ලැබි ඇති බවත්,අඅභියාචනා තවදුරටත් ඉදිරිපත් කිරිමට හැකියාව තිබෙන බවත්,ඒ සදහා ග්‍රාම නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික්ක ලේකම් හෝ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන කමිටුව වෙත දුරකතන ඇමතුමක් ලබා දීම ප්‍රමාණවත් බව කීය.
එසේම මේ සදහා කැපවෙන සියලු ම රාජ්‍ය සේවකයින්ටත්, ඉතා කඩිනමින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයටත් තමා ස්තූති වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.