‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම සදහා අක්කර 06 ක ඉඩමක් වෙන් කර ඇති අතර ඒ තුළ මහල් 12 කින් සමන්විත අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැගිල්ලක්, අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු සදහා මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක්, විනිසුරුවරුන්ගේ පුහුණු කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානය සදහා ගොඩනැගිල්ලක් හා නව නීති මධ්‍යස්ථානයක් සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරිමට නියමිතව ඇත.
විශේෂයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හා එම ගොඩනැගිලි මේ වන විට අබලන් තත්වයට පත්වීම හේතුවෙන් අධිකරණ කටයුතු සදහා පැමිණෙන ජනතාව විශාල වශයෙන් අපහසුතාවයන්ට පත්ව තිබේ.
මේ සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වන විටත් සිදුව තිබෙන අතර ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම තුළින් මහ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරදීම කළ යුතු බවත් එහි ඉදි කිරීම් කටයුතු කඩිනම් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී සදහන් කළේය.
‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් පිළිබදව සැලසුම් කිරීමේ අදියර අවසන් වෙමින් පැවතීම සතුටට කරුණක් පවත් ඉක්මනින්ම ඊළඟ අදියර කරා යා යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසීය.