ඔහු අවධාරණය කරන්නේ යහපාලන ආණ්ඩුව හා වත්මන් විපක්ෂය තරම් අසමත් ආණ්ඩුවක් හා විපක්ෂයක් මෙරට මෑත කාලීන ඉතිහාසයේ බිහි වී නොමැති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් (22) දිවයින පුරා සෑම මැතිවරණ බල ප්‍රදේශයකම මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණ. එම ව්‍යාපෘතියයට සමගාමීව මිනුවන්ගොඩ - ඕපාත නැහැල මාර්ගය කාපට් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.
මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම මාර්ගය කාපට් කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 173 කි. මීටර් 750 ක් මේ යටතේ තාර යොදා ප්‍රතිසංස්කරණය කෙරේ. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
‘‘යහපාලන ආණ්ඩුව මේ රට අවුරුදු හතර හමාරක් පාලන කළා ඔවුන්ට මේ තරම් ප්‍රශ්ණ තිබුනේ නෑ. හැබැයි යහපාලන ආණ්ඩුව කාලේ මේ රට ලෝක්ඩවුන් වෙලා තිබුනේ. කිසිම සංවර්ධන කටයුත්තක් කෙරුනේ නෑ. පලිගැනීමයි. හොරකමයි විතරයි. තිබුනේ. යහපාලන කාලේ ලොක්ඩවුන් වෙලා මුඩුබිමක් වෙලා තිබුනු රට නැවත වැඩබිමක් බවට දැන් පත්වෙමින් තිබෙනවා. අපි විපක්ෂයේ ඉන්නකොට තමයි ‘‘ගම සමග පිළිසදරක්“ වගේ වැඩසටහන් හරහා ගමේ ප්‍රශ්ණ හදුනාගත්තා. ඒ අනුව තමයි ගමේ සංවර්ධනය දැන් සිදු කෙනේනේ නිවාස,පානීය ජල ගැටළු, මාර්ග ප්‍රතිසංස්කරණය දැන් අපි ආරම්භ කරලා තිබෙනවා. කටුනායක ගුවන්තොටුපල පුලුල් කරනවා. කොළඹ - නුවර අධිවේගි මාර්ගය ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන්න කටයුතු කරමින් තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස 03 යි. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වෙලා අවුරුද්දයි. අපි මුලින් කටයුතු කලේ භාරකාර ආණ්ඩුවක් විදිහට ගෝඨාභය මහත්තයා බලයට පත්වෙලා මාස 03 ගත වෙද්දි තමයි කොවිඩ් වසංගතය රටට ආවේ. එදා ඉදන් අද වෙනකන් අපි කොවිඩ් වසංගතයෙන් බැට කනවා. අපට වඩා දියුනු රටවල් අද කොවිඩ් නිසා අසරණවෙලා ඇමරිකාව, යුරෝගය වගේ රටවල් වල රෝගීන් මියැදෙන සංඛ්‍යාව ගැන කථා කරන්නේ ලක්ෂ ගනන් වලින් ඒත් අපේ පුංචි රටේ අපි කොවිඩ් හැකිතාක් පාලනය කරගෙන ජනතාවත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කරනවා. අපි දැන් කොවිඩ් සමග ජීවත් වෙන්න හුරු වෙමින් තිබෙනවා.
පසුගිය පාස්කු ප්‍රහාරය ගැන එවකට පැවති ආණ්ඩුවට තොරතුරු ලැබුනා. නමුත් එක් වලක්වා ගන්න බැරි උනා. අපි කොවිඩ් පාලනය අතරතුරද රට සංවර්ධනය කරනවා. ආන්ඩුවට අද ආදායම් නෑ. පසුගිය කාලේ එක සංචාරකයෙක් ලංකාවට ආවේ නෑ විදේශීය ශ්‍රමිකයෝ 50.000 ක් විතර මේ වන විට ලංකාවට ගෙන ආවා තවත් 40.000 ක් එන්න ඉන්නවා විදෙස්ගත
ශ්‍රමිකයන් හරහා රටට ලැබුණු ආදායම මේ වන විට නැතිවෙලා ආදායම් බිංදුවට වැටිලා තියෙනකොට තමයි රජය මේ ජනතාව වෙනුවෙන් පුලුවන් හැම දෙයක්ම දෙන්නේ අපි ආණ්ඩුවක් විදියට රජයේ වියදම් පාලනය කරමින් තමයි මේ ජනතා සහන සලසන්නේ පසුගිය ආන්ඩුවට රට පාලනය කරන්න ක්‍රම වේදයක් තිබුනේ නෑ. කයිවාරුව තිබුනට කිසිම වැඩක් කෙරුනේ නෑ. යහපාලන ආන්ඩුව රටම අසමත් කලා ඒ ආණ්ඩුව ෆේල්. ඉතිහාසයේ බිහිවූ දුර්වලම හා අසමත්ම ආණ්ඩුව යහපාලන ආණ්ඩුවයි. නමුත් අපි සියළු අභියෝග මැද රට ඉදිරියට ගෙන යමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුව ජනතාව සහ රට සමත් කරන ආණ්ඩුවක්.
පිටරටවල කර්මාන්ත ශාලා වැහෙනකොට අපේ රටේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යනවා කර්මාන්ත ශාලා හරහා අපිට ලැබුණු විදේශ විනිමය අඩු වුනත් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුනත් අපි කර්මාන්ත ශාලා සෞඛ්‍ය විධි විධාන අනුව පවත්වාගෙන යනවා. අද කර්මාන්ත ශාලා 99% ක් විවෘතයි. 60% ක් සේවකයෝ සේවයට වාර්තා කරනවා. කොවිඩ් වලට බයේ මේ රට ආපස්සට ගෙන යන්න ඉඩ දෙන්න බෑ.
අද විපක්ෂයක් නෑ. විපක්ෂය සටන් පාඨ නැතිව අසරණ වෙලා ඉන්නේ ඒ නිසා තමයි 2015 දි වගේ බොරු සටන් පාඨ හදලා ජනතාව මුලා කරන්න හදන්නේ. මෑත කාලීන ඉතිහාසයේ මේ රට තුල බිහිවු දුර්වලම විපක්ෂය තමයි අද තියෙන්නේ. තමන්ගේ මන්ත්‍රිවරු රුක ගන්නවත් විපක්ෂයට බෑ.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් මෙහිදි කථා කලහ.